අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා….. තමුන් දන්නදේ හරියට කරපන් කියලා කීය හඬා….

අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා….. තමුන් දන්නදේ හරියට කරපන් කියලා කීය හඬා….

"මුං නම් මහ ජරාම ජාතියක්…. දොස්තරල අද කාලෙ ලෙඩ්ඩු ගැන හිතන්නෙ නෑ…. උන්ට සල්ලි විතරමයි ඕන…. ලෙඩ්ඩු ඇපේට තියල strike කරනව… ඉස්පිරිතාලෙට ගියාම උන්ගෙ respect බලන්න එපායැ…. යකෝ අපේ බදු සල්ලි… මුන්ට හෙන ගහන්න ඕන…. Channel කෙරුවොත් දෙදාහයි…. ලෙඩ්ඩු දවසට සිය ගනන් channel පෝලිමේ… එකාගෙන් 1500 ගානෙ ගත්තත් දවසට ලක්ෂ එකහමාරක්…. ඒ මදිවට අර පාදඩදෙනියලා… කියල වැඩක් නෑ…. ඇයි pharmaceutical companies වලින් මාසෙට සැරයක් දෙන cheque එක…. සල්ලි දීල channel කෙරුවත් උගෙං ප්‍රස්නයක් ඇහුවම කෑ ගහනව…. අවුරුද්දකට දෙතුන් පාරක් මුන්ට රට යන්න ටිකට් ලැබෙනව pharmaceutical company වලින්…. උන්ගෙ බෙහෙත් අපිට බලෙන් ගිල්ලවලා…. ඒවගෙ side effects ගැන ඉතින් උඩ ඉන්න දෙයියොම බලාගන්න ඕන…. එක ලෙඩක් හොඳ කරගෙන තව ලෙඩක් හදාගෙන එලියට එන්නෙ…. ආණ්ඩුවෙන් නොමිලේ stent දුන්නම ඒව බාල ජාති කියල strike කරනව…. බෙහෙත් මිල අඩු කරාම ඒව බාල බෙහෙත්ලු…. Ambulance ගෙන්නුවම මැරෙන්න බලාගෙන ඒවයෙ යන්නලු…. "

දිගටම කියාගෙන යනව උසාවියෙ පෙරකදෝරුවෙක්…. මගේ වැඩේ කරගන්න ඕන නිසා කියන්න කෝටියක් දේවල් තිබුනත් හූ මිටි තිය තිය අහගෙන හිටියෙ යන්තම් හරි මගේ වාචාල කට ඇරියනම් එයාගෙ fee එක double වෙන නිසා…. 

ඒ මදිවට අවුරුදු හතක්ම TATA ගිනිගන්නා සුළුයි කියලා මහජනයා දැනුවත් කරලා DIMO කොම්පැනියට ඩෝං ගිය එකට මට නඩු පවර ගෙන මේ කන පරිප්පුව මදෑ….. මගේ අලුත්ම TATA වාහනේ ඉබේම ගිනිගත්තෙ අරගෙන මාස දෙකෙන්… තහනම් නියෝගෙ DIMO පරාදයි…. ඇපෑලත් පරාදයි…  නඩුව අවුරුදු හතකට පස්සෙ සමාදාන උනා… එයාල අකුලගෙන ගියා… මම සීනිගම දේවාලෙ උන්ටත් උන්ගෙ දරු පරම්පරාවටත් හැඳිගෑවිලා යන්න කියල පොල් ගැහුව….

=============

"නඩුවකට පැටලෙනවට වැඩිය හොඳයි බෙල්ලෙ වැල දාගන්න එක…. මුන් පෙරකදෝරුවො නෙමෙයි ගිනි කන බල්ලො…. සල්ලි අරගෙනත් වචනයක් කථාකරන්නෙ නෑ… අනිත් පැත්තෙ එකාගෙනුත් සල්ලි අරගෙන…. කොහොම හරි බලන්නෙ නඩුව දිග්ගස්සන්න…. උන්ගෙ ගාන කපාගන්න එක මිසක් මුන්ගෙන් සේවයක් බලාපොරොත්තුවෙන්න බෑ…. යකෝ කොහොම උනත් දොස්තරල එකෙක් හොඳ නැත්නම් වෙන එකෙක් ගාවට උනත් යන්න පුලුවන්…. මුන්ගෙ එහෙමත් බෑ…. ඒ මදිවට තැරැව් කාරයො…. දික්කසාද නඩුවකට ගියොත් නම් විසුමක් නෑ…. නිදාගන්නත් කතාකරනව…. උදෙන්ම ඇවිත් සල්ලි දුන්නෙ නැත්නම් නඩුවට පෙනී ඉන්නෙම නෑ…. Traffic නඩුවක්නම් නිකම්ම ඉදලා වැරදිකාරය කියල දඩේට අමතරව පෙරකදෝරුවටත් දාහයි…. පුදුම ජාතියක් මුන්… "

උසාවිය ගාව ගෑනියෙක් කියවගෙන කියවගෙන යනව….. කරුමෙ කියන්නෙ ඒකත් අහගෙන ඉන්න සිද්ධ උනේ මටමයි…. මට හිතුන කියන්න හැමෝම එහෙම නෑ කියලත්…. ඒත් කටවහගෙන හිටියෙ බොහෝ අය ඒ ගැන දන්න නිසයි….. පෙරකදෝරු වන්ට මුලු ලෝකෙම වැරදියි…. එයාල බෝධිසත්වයො…. මට "උසාවිය නිහඬයි" වෘතාන්ත චිත්‍රපටිය මතක් උනා…. ඒ එක්කම ලඟදි බැල්කනියෙන් වැටිල මියගිය කෙනෙකුත් මතක් උනා… ඔන්න බොලේ වැල නොකැඩි නීති වෘත්තීයෙ ඉන්න සහ හිටපු අය සිහියට එනව… සුනාමි කතන්දරේකට ප්‍රසිද්ධියේ සමාව ඉල්ලපු කෙනෙකුත් තාමත් පොර talks…. වලස්මුල්ලෙ පැත්තෙ ව්‍යවස්ථාව කඩකරන්න ජනාධිපතිට උපදෙස් දීපු පොරකුත් ඉතින් ඔය අස්සෙම ඉන්නවනේ….

============

හාමුදුරුවො set එකක්ම උසාවිය ලඟ… හාමුදුරුවො කියල කිව්වෙ සිවුර ඇඳගෙන ඉන්න නිසා…. රැවුල් වවල…. කොන්ඩෙත් කපල නෑ මාස හයකින්…. කමක් නෑ ඉතින් අපිට කියල දීල තියෙන්නෙ චීවරේට ගරු කරන්න කියල නේ…. ඒ ලඟින්ම ගෑනුත් කීපදෙනෙක් lipstick ද cutex ද ඔක්කොම ගාල…. නිලියො වගේ…. අඳුනන මහත්තයෙක් ලඟ හිටපු නිසා මගේ කටත් ටිකක් හෙලවුනේ කාරණාව මොකද්ද කියල දැනගන්න…

"අද අර ගෑනියෙක් දූෂණය කරපු ---දූවේ -----ලංකාර හාමුදුරුවො ගේනවනේ..   ඒකට ඇවිල්ල තියෙන්නෙ…. සාසනේ ඉවරයි….. පර බල්ලො… පන්සලේ ගෑණු දූෂණය කරනව මදිවට ඒක video කරල…. මුන්ව එල්ලන්න ඕන -- දෙකෙන්….ඒ මදිවට මුන් ඇවිල්ල සහයෝගෙට… බලන්න මුන්ගෙ හැටි…. මුන්ට වඳින ඈයොත් ඉන්නවනේ… නිකමට හිතන්න…. අපේ ගෑනු කොන්ඩෙ එලනව මුන්ට පාවඩ හැටියට…. එහෙම කරන අපේ ගෑණු රෙද්ද කඩන්නෙ නැතුව ඉඳීද…. යකෝ එහෙව් එකේ ඇයි මේ දූෂණය කරන්නෙ…. කොරගනිල්ලකො ඕන දෙයක් ඔය කොණ්ඩ පාවඩ දාන වේසියො එක්ක…. අර කොතලාවල මහත්තය කිව්ව වගේ මුන්ගෙ තට්ටෙ තාර ගාන්න ඕන… සල්ලි පිණ්ඩපාතෙ…. භාවනා කරනකොට ගන්ජ ගැහුවට කමක් නෑ…. මැඩම් කැමති නම් තාමත් ඔබතුමාට පුලුවන්…. හොරකම් කරල හරි රට හැදුව නේ….. මගේ පන්සලට කෝටියක් දුන්න…. Pajero ගැන මීක් නෑ….. කිරි වෙහෙරෙ එකාට වෙඩි තිබ්බ…. අපරාදෙ වැදුනෙ නෑ…. කන්දෙ එකාට නඩත්තු නඩු…. ඌ මැරිච්ච වෙලේ නගරෙ මිනිස්සු කිව්වෙම අරූ මලා කියල…. අපවත් උනා කියල කිව්වෙම නෑ…. පන්සලට බලු පැටව් දානව වගේ කොලඹ පන්සලට අලි පැටියෙක් දාල ගිහිල්ල…. හාමුදුරුවො ඇති කරල…. Make up නැතුව බන කියන්නෙ නෑ…. Sound System එකත් උගෙන්ම ගන්න ඕන…. එක බණකට ලක්ෂ දෙකයි…. පිරිත් කියන්නෙ බයිල කියන ගානට….. පන්සලේ ගන්ජ ඕසෙට….. "

මම හිමීට මාරු උනා… මිනිහ තාම කියවනව… තව ටිකක් අහගෙන හිටියොත් අම්පිටියෙ එකෙක් මඩකලපුවෙන් ඇවිත් මගේ කටත් තලනව… අර ගෑනියෙකුට පොලීසියෙ උන් ඉස්සරහම තඩි බෑව වගේ… රන්ජො පරිස්සම් වෙයන්…. බෞද්ධ ශරියා නීතිය එන්න ඉතා ආසන්නයි….. 

==============

කොණ්ඩෙ වවාපු හිරට කලිසම් ඇදපු කට්ටියක් නියපොතු කකා උසාවිය දිහාව බලාගෙන ඉන්නව…. එකෙක් මමත් ටිකක් අඳුනනනව…. මොකෝ  කොල්ලො මෙහේ කියල අහන්නත් කලින් මේකා කියවන්න ගත්ත….

"මාර වැඩේනේ සර්…. මල්ලිව පොලීසියෙන් ගෙනිච්ච ඊයෙ…. වැල්ලෙ එයා කෙල්ලෙක් එක්ක ඉන්නකොට කුදලාගෙන ගිහිල්ල…. වැල්ලෙ ඉන්නත් බැරිද…. මුන්ට කෙල්ලො කොල්ලො love කරනව පේන්න බෑ…. අනිසි විදියට හැසිරුනාලු… මොකෝ රෙදි නැතුව ඉඳලද…. නෑ සර්… මල්ලි බඳින්න ඉන්න කෙල්ල…. නිකමට වැල්ලට ගිහිල්ල….. ලබන මාසෙ බඳිනව….. අපි වගේ නෙමෙයි සර්…. ඌ හොඳට ඉගෙන ගත්ත…. මහින්දෙ…. අපිනම් කට්ටි පැන්න කියමුකෝ…. කෙල්ලො කොල්ලො රොත්තක්ම අල්ලලා…. අපේ එකා කට ගහලා… එහෙම නීතියක් කොහේද තියෙන්නෙ කියල ගේම ඉල්ලලා…. අනිත් අයව යන්න ඇරල…. මේකගෙ කට වැඩියි කියල උසාවි දාල…. බලු හැත්ත සර්…. රත්ගම මිනී දෙකක් මැරුව…. කොන්ත්‍රාත් එක පොලීසියෙන්…. දුප්පත් එකා කූඩුවෙ…. පොහොසත් එකා එලියෙ…. අම්ම තාත්ත උනත් පොලීසියෙ නම් විස්වාස කරන්න බෑ සර්….. පොඩි එකෙක් ගල් කාලක් වඩේ එකක් එක්ක බාර් එක අයිනෙ ගුඩුස් ගාල බිව්වොත් ඇතුලෙ….. සර්ලා වාහනේ බොනට් එක උඩ තියාගෙන හරක් මස් ඌරු මස් කකා මහපාරෙ බිව්වත් මුන් salute එක ගහගෙන යනව…. උන්ට මිනීමරන්න උනත් ලයිසන් තියෙනව…. අපි පොඩි රණ්ඩුවක් උනත් ඇතුලෙ….. හොරකමක් වෙලා පොලීසියට ගියාම හොරා අදුනනවද අහනව... "

==============

එතනින් මාරු උනේ ඈත තියාම උසාවිය ඉස්සරහ මම හොඳින් දන්න IP කෙනෙක් මාව දැකල අත වනාපු නිසා…. පොලීසියෙත් හොඳ මහත්තුරු නැතුවම නෙමෙයි…. අර කවුද කිව්ව වගේ පොලීසිය බල්ලට ගිහිල්ල නෙමෙයි… බල්ලො පොලීසියට රිංගලා……

අද උසාවියෙ වගේ කියල අහන්නත් කලින් IP මහත්තය කියවන්න ගත්ත…. 

"අද අර නඩුවනේ…. මගේ කේස් එකක්නේ… අර තාත්ත දුවව දූෂණය කරපු case එක….. ඇත්තටම ඒ නඩුවම නෙමෙයි…. මට ඔයාට කියන්න බැරි උනානේ…. කවුද එකෙක් මගේ ගෙදරටම ඇවිල්ල බේරල දුන්නොත් ලක්ෂයක් දෙන්නම් කිව්ව නේ… බලන්නකො මුන්ගෙ තියෙන එඩිතරකම… පාදඩ වැඩ කරල තව පගා ගහන්නත් එනව…. මට තද වෙලා ඌට ගැහුව… උගේ දත්දෙකක් කැඩුන…. ඌ නඩු දාල….. ඔයා නිකන් හිතන්නකෝ… අපි බල්ලොද….. අර කෙල්ලගෙ මූණ බලාගෙන මට එහෙම කරන්න පුලුවන්ද…. මටත් ඒ වයසෙ කෙල්ලෙක් ඉන්නව…. ඔයා දන්නවනේ මම පගා ගන්නෙ නෑ කියල…. මගේ motor cycle එකේ finance එක තාම ගෙවනව….. මහ ජරා මිනිස්සු මේ රටේ ඉන්නෙ…. තමන්ගෙම දුවව දූෂණය කරන සමාජයක් නේ මේක…. අපි නීතිය පුලුවන් තරමින් ආරක්ෂා කරනව…. අපිටත් හැඟීම් තියෙනවනේ…. මම ගහපු එක වැරදියි…. ඒත් මුන්ට නොගහත් බෑ නේ…. ඒක නෙමෙයි…. IP ප්‍රේමතිලක කිව්ව ඔයා ඉරි කපල අහු උනා කියල… මිනිහ ඔයාව දන්නෙ නෑ….. පස්සෙ ඔක්කොම ඉවරවෙලා ඔයා කිව්වලු මගේ යාලුවෙක් කියල…. ඉස්සෙල්ල ඔයා වැරැද්ද පිලිගත්තලු…. දඩ කොලයක් දෙන්න ගෙවන්නම් කිව්වලු…. මිනිහ ලේසියෙන් මොකෙකුටවත් යන්න දෙන්නෙ නෑ…. එයානේ අර නගරාධිපතිගෙ driver ටත් දඩකොලයක් ලිව්වෙ…. පොලීසියෙ හැමෝම නරක නෑ…. මිනිස්සු එයාලව නරක් කරනව…"

වෙලාවට court sergeant එලියට ඇවිල්ල සර් එන්න ඊලඟට සර්ගෙ නඩුව ගන්නෙ කිව්වෙ, මම හිනාවෙලා පස්සෙ මුණගැහෙමු කිව්ව.

==============

උසාවි සංකීර්ණෙන් එලියට ඇවිල්ල වාහනේට නැග්ගෙ වාහනේ ලබන අවුරුද්දට ලයිසන් කරන්න යන්න හිතාගෙන…. ටවුමෙ එකම ගාලගෝට්ටියයි… ගුරුවරු strike කරල බෝඩ් අල්ලගෙන කෑගහනව…. එයාලට ප්‍රස්න කෝටියයි….. මටත් ඕන නැති එකක් නෑ…. වාහනේ නැවැත්තුවෙ එයාලගෙ ඉල්ලීම් ටික කියවන්න බලාගෙන…..

"අහවල් ඉස්කෝලෙට මට පුතාව දාගන්න ලක්ෂ දෙකක් දෙන්න උනා…. මේ ලෝකෙ දෙයක් උගන්නන්නෙ නෑ ඉස්කෝලෙ…. හැම දේටම tuition…. ඒ teacher ගෙම අමතර පන්තියට ගියේ නැත්නම් කොල්ලට පන්තියෙ ඉන්න දෙන්නෙ නෑ…. මොනව කරන්නද හැම වැඩේටම tuition…. එයාගෙම පන්තියට ගියාම කොල්ලගෙ report එක ඉබේම හොඳ වෙනව…. ඇයි ඉතිං වාර විභාගෙට එන ප්‍රශ්න කියල දෙනව නේ…. මුන් strike කලා කියල ලමයින්ට කිසිම පාඩුවක් නෑ…. හවසට පන්තියට යනවනේ…. හොඳ ඉස්කෝලෙකට දාගන්න තියෙන ඕන කමට ලක්ෂ ගනන් වියදම් කලා මිසක් නැත්නම් ලමයි ඉස්කෝලෙදි මොන වැඩක්වත් කරන්නෙ නෑ…. ඒ මදිවට ඇහැට කනට පේන අම්ම කෙනෙකුට ඉස්කෝලෙට යන්න බෑ…. මතකනේ අර තාත්ත කෙනෙක් ගුරෙක්ගෙ කන කපාපු සිද්ධිය….. ඇයි අර ටවුමෙම විද්‍යාවට ආලෝකෙ දෙන ඉස්කෝලෙ දෙවෙනිය ලමයව ඉස්කෝලෙට දාල දෙන්නම් කියලා හෝටල් කාමරේක අතටම අහුවෙලත් මහ ගුරා ඌව බේරපු සිද්ධිය …. මහ ගුරත් ඉතින් ඒ වල්ලෙම නේ… ඌත් පගා මරුව…. කෝටි ගානක වාහනේ.."

තාත්ත කෙනෙක් වෙන්න ඇති කියවගෙන යනව… මම අලගුවක්වත් තියන්නෙ නැතුව හිමීට මාරු උනේ තාත්තල ටික මුන් සෙට් එකට නෙලන්න ගත්තොත් සාක්කි දෙන්න වෙන නිසා…

=================

මගේ වාහනේ නවත්තල තියෙනව දැකල දන්න අඳුනන දුම්රිය ආරක්ෂක අංශයෙ නිලධාරියෙක් වාහනෙ ලඟ….. 

"අද කෝච්චිත් strike නේ…. වෙලාවකට කෝච්චියක් ඇරගන්න බැරි දුම්රිය සේවකයො… මිනිස්සු එකතුවෙලා මුන්ට ගහන කාලෙ වැඩි ඈතක නෙමෙයි…. බල්ලො රජ වෙලා….මේක අත්‍යාවශ්‍ය සේවාවක්…. කිසිම වැඩකට නැති වර්ජනයක්…. මුන්ට පඩි මදිද…. බොරුනේ…. හොරකම් කරල අහූ උනාම අස් කරන එක වැරදිද?.... මාර වැඩක් නේ ඒකටත් strike…. පුදුම ජාතියක්…. එක වැඩේට දහයක් විතර ඉන්නව…. ඒත් වැඩේ කෙරෙන්නෙත් නෑ…. පුදුම මිනිස්සු… මේ රට හදන්නම බෑ…"

රේල්ලුවෙම එකෙක් උන්ටම බනිනව…

============

ඝෝශාවක් ඒ පැත්තෙන් ඇහුන නිසා අපි දෙන්නම බැලුව….එක පාරටම දැක්කෙ රට හදන තැන බඩ මහත එකෙක් තඩි BMW කාර් එකකින් බැහැල…. ඌ මොනවදෝ කියවනව…. ඕක නවත්තන්න කියලා ගුරාලගෙන් ඉල්ලීමක් කරනව ඇති…. නාලිකාල කොහෙන් පාත් උනාද දන්නෙ නෑ…. පොඩි එකෙකුට අසාධාරණයක් වෙන වෙලාවකට පාත් වෙන්නෙ නැති නාලිකාල අහසින් වැඩිය වගේ…. 

සත පහක වැඩක් නොකරන, අපේ බදු සල්ලි කන මේ වගේ හාල්පාලු කකුලුවන්ට පුලුවන්ද රටේ උන්ට කෙලින් යන්න කියන්න…. එහෙම හිතෙනකොටම මගේ සාක්කුවෙ දුරකතනෙ කෑගහන්න ගත්ත…. නෝනගෙන්….

"මෙන්න courier එකෙන් වීසා ඇවිල්ල…. ඔය ගමන්ම air ticket වල වැඩෙත් කරගෙනම එන්න"

ඊලඟ සතියෙම කටුනායකින් එංගලන්තෙ දුවගෙ ගෙදර පිටත් උනේ ලංකාව සම්පූර්ණයෙන්ම හිතෙන් අයින් කරල.

Post a Comment

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget